මත්කුඩු සමග 04 ක් අත්අඩංගුවට

ප්‍රදේශීය

නාවුක හමුදාව සහ පොලිසියේ ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා සහ හෙරොයින් සමඟ 04 දෙනෙක් අත්අඩංගුවට ගැනෙති.

අප්‍රේල් 19 වැනි දා තලෙයිමන්නාරම ජැටියේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු මැද නාවුක විධානයට අනුයුක්ත නාවුක පුද්ගලයින් පිරිසක් තලෙයිමන්නාරම පොලිසිය හා එක් ව තලෙයිමන්නාරම ජැටියේ තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේ දී එහි සිටි පුද්ගලයින් සතු කේරළ ගංජා ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 15ක පමණ ප්‍රමාණයක් සොයා ගත් හ.

සැකකරුවන්, ඔවුන් සතුව තිබූ කේරළ ගංජා හා ‍හෙරොයින් මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ එහි තිබූ පිටත දහන යන්ත්‍රයක් අත්අඩංගුවට පත් ව තිබේ.

අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් වයස අවුරුදු 21 ත් 27ත් අතර පසුවන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන්, ඔවුන් සතු ව තිබූ මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ එහි තිබූ පිටත දහන යත්න්‍රය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තලෙයිමන්නාරම පොලිස් ස්ථානය මගින් සිදු කෙරේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/20/%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b7%94%e0%b6%a9%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-04-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c%e0%b7%94%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *