යුද හමුදා සාමාජිකයෙකුටත් කොරෝනා

මැයි 29 වැනි දා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර යුද හමුදා සාමාජිකයෙකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. එදින හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව අතර ඔහු ද වන බව විශේෂඥ වෛද්‍යවරයා තහවුරු කළේ ය. මූලික ලේඛනගතකිරීම් අවසානයේ සිදු කළ තහවුරු කිරීමේ දී ඔහු හඳුනාගෙන තිබේ. හෙතෙම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සේවයේ නිරිත ව සිටි අයෙක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආණ්ඩුවට යෝජනා කිහිපයක්

විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීම පිණිස ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකසා ඔවුන්ට මන්ෂ්‍යත්වයේ දෑත් දිගු කිරීමට එතෙර අපි සංවිධානය යෝජනා කරයි. එතෙර අපි සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසන්නේ ඔවුන් මෙරට ගෙන්වාගැනීම පිළිබඳ ආණ්ඩුව උදාසීන පිළිවෙතක් අනුගමනය කළ බව ය. බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ 29 වැනි දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම ඒ බව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සමගි ජන බලවේගයෙන් විශ්වාසභංගයක්

ආණ්ඩුව සමග ගනුදෙනු කරමින් එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයින් පාවා දෙන සුළු කල්ලියට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තීරණය කරයි. සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යාලයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් 62 දෙනාගෙන් , 40 කට ආසන්න බහුතරය අදාල තීන්දුවට එළඹිය හ. කෘත්‍යාධිකාරීයේ බහුතරය නියෝජනය කරමින් 29 වැනි දා පැවති මේ රැස්වීමේ දී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ඉන්දීය මහ කොමසාරිස් ජනපති හමුවක්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් හි ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් මැයි 14 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වී ය. හමුවෙන් පසුව පැවති සාකච්ඡාවේ දී සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර විමර්ශනය කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන දෙරටේ කැපවීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රණවිරුවන් ඛේදවාචකයට පත් කරලා..

සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 300 කට අධික පිරිසක් සිර වී ඇතැයි වාර්තා පළ ව තිබියදීත් ඒ පිළිබඳ තැකීමක් නොකළ ආණ්ඩුව, මෙඩිකල් ටුවරිසම් යැයි වචන යොදාගනිමින් කොරෝනා රෝගය වැළඳුණු සීෂෙල්ස් රාජ්‍යයේ වැසියන් ලංකාවට ආනයනය කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. සීෂෙල්ස් රාජ්‍යයෙන් රැගෙන ආ කොරෝනා රෝගීන් මේ වනවිට රඳවා තිබෙන ස්ථාන පිළිබඳ සොයා බලා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොසොන් වෙනුවෙන් විශේෂ නිවේදනයක්..

මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි මස 05 වැනි දාට යෙදී තිබේ. ඊට සමගාමී ව දිවයිනේ සියලු සුරාසැල්, මත්පැන් අලෙවිහල්, සත්ත්ව ඝාතකාගාර, රේස් බුකි, කැසිනෝ හා සමාජශාලා, මස්මාංශ අලෙවිසැල් වසා තබන මෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අමාත්‍යාංශයේ ලේකම් ජේ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නුවරඑළියට ඇඳිරි නීතිය

මැයි 29 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 31 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සහ පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. ඉකුත් 28 වැනි බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31 වැනි ඉරිදා දිනය පුරා දිවයිනේ සියලු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය බල පැවැත්වේ. ඒ සමග ජුනි 04 සහ 05 දෙදින […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඩිජිටල් හා තොරතුරු අංශය නව නිවහනකට

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අංශය නව ස්ථානයකට රැගෙන යේ. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කොළඹ 03, ගාලු පාරේ අංක 437 දරන ලිපිනයෙහි මෙතෙක් එය පිහිටියේ ය. මැයි 27 වැනි දා සිට එය මිලෝදා ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුකයින් 357 ක් සුවයි.

කොවිඩ් – 19 සුව වූ තවත් නාවුක හමුදා සාමාජිකයින් 13 දෙනෙක් රෝහල්වලින් පිටත් ව යති. ඒ සමග සුවය ලැබූ මුළු නාවුකයන් ගණන 357 ක් බවට පත් වේ. ඔවුහු මැයි 27 වැනි දා අදාල රෝහල් වෙතින් නික්ම ගිය හ. ඔවුන්ගෙන් 08 දෙනෙකු වැලිසර නාවුක මහ රෝහලින් ද, 04 දෙනෙකු හෝමාගම රෝහලින් ද, එක් අයෙකු මුල්ලේරියාව රෝහලින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැතිගේ ශෝක ප්‍රකාශය

අභාවප්‍රාප්ත වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝක පණිවුඩයක් නිකුත් කරයි. අදාල පණිවුඩය – ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය මුළු මහත් වතු ජනතාවට සේම පෞද්ගලිකව මා වෙත ද දැඩි සංවේගයක් ඇති කළ බව ප්‍රකාශ කරමි. එතුමා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න