නීතිවිරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතුවල නිරත පිරිසක් අත්අඩංගුවට ගැනේ.
මුන්දම්පිඩ්ඩි, පෙරියආරු ප්රදේශයට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී එසේ ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙක් සහ ධීවර යාත්රා 02 ක් නාවුක හමුදා භාරයට ගැනිණ.
සැකකරුවන් සමග තහනම් දැල් 02 ක් , ධීවර යාත්රා (වල්ලම්) 02 ක් සහ එම යාත්රා සඳහා භාවිත කළ පිටත දහන යන්ත්ර 02 ක් නාවුක හමුදා භාරයට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 20 – 32 ත් අතර වයසේ පසු වන මන්නාරම, පල්ලෙමුණේ ප්රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු වී අතර, ඔවුන්, තහනම් දැල්, ධීවර යාත්රා සහ පිටත දහන යන්ත්ර ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිසිය වෙත භාර දී තිබේ.