යළි නැගිටිමු!

කලාව

රාක්ෂ යක් නාග දේව මිනිසුන් වසන
විටින් විට වැටී එනමුදු යළි යළි නැගිටින
රටක අදිසි සතුරන් බල සේනා රැස් වෙන
විටක කුස මුඛය පරදා සිහියෙන් ඉනු මැන!

එකා මෙන් බැඳී නිරතුරු ඉදිරියට ම යමු
ගතින් දුරස් වී සෙනෙහෙන් සිතින් බැඳී ඉමු
නිල දරුවන් දෙන සේවය තව තව අගයමු
උපන් අපේ පින්බිම තව ඉහළට ඔසවමු!

තමන් රැකී අනුන් රැකෙන විලස ට හැසිරෙමු
තමන් සතු දෙයක් නැති වුන් සමග බෙදා ගමු
කළු වළාව අතර රිදී ඉරක් සොයා යමු
ලොවෙන් උසස් දැය ලෙස අපි එක් වී නැගිටිමු!

– තුෂාන්ත කාරියවසම්

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/03/%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%b8%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *