පුපුරන ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ප්‍රදේශීය

නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු නාවුක හමුදා භාරයට පත් වේ.

නාවුක හමුදාව මැයි 03 වැනි දා යාපනය, අලියවලයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී අත්අඩංගුවට ගැනීම සිදු විය.

පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීමෙන් සාගර පරිසර පද්ධතිය දැඩි ව විනාශයට පත්වන අතර, එය වැළැක්වීම වෙනුවෙන් නාවුක හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව උතුරු නාවුක විධානයට අනුයුක්ත නාවුක පිරිසක් සිදු කළ සෝදිසි මෙහෙයුමෙන් විදුලි නොවන ඩෙටනේටර් 10 ක්, වෝටර්ජෙල් චාර්ජර් 01 ක් සහ ආරක්‍ෂිත වෙඩි නූල් අඩි 2.75 ක ප්‍රමාණයක් සමග සැකකරු නාවුක හමුදා භාරයට පත් විය.

සැකකරු වයස අවුරුදු 23 ක් වන එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වන අතර, ඔහු, විදුලි නොවන ඩෙටනේටර්, වෝටර්ජෙල් චාර්ජර් සහ ආරක්‍ෂිත වෙඩි නූල් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පලෙයි පොලීසිය වෙත භාර දී තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/04/%e0%b6%b4%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b6%b1-%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b7%94%e0%b6%af%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *