සංවර්ධන නිලධාරීන් රාජකාරියෙන් ඉවත්වීමේ සූදානමක

උණුසුම්

අවදානම් සහගත රාජකාරියක නිරත වුව ද සංවර්ධන නිලධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දී නැතැයි සංවර්ධන නිලධාරී සේවා සංගමය කියයි.

ඔවුන් හට රාජකාරියේ දී හිමි විය යුතු දීමනා, පහසුකම් ලබා නොදීම මෙන් ම චක්‍රලේඛ මගින් ද නොසලකා ඇතැයි සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් පෙන්වා දේ.

අදාල ගැටළු සඳහා විසඳුම් මැයි 06 වැනි දාට ප්‍රථම නොලැබුණහොත් තමන් අතිරේක රාජකාරිවලින් ඉවත් වන බව එමගින් අවධාරණය කර ඇත.

සිය ජීවිත අවදානම ද නොතකා සේවය කරන නිලධාරීන් රැකගැනීම ආණ්ඩුවේ යුතුකමක් හා වගකීමක් බව එමගින් වැඩිදුරටත් කියා සිටී.

අදාල ලිපිය –

ලේකම්,
එස්. හෙට්ටිආරච්චි මහතා,
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරස‍්‍රය – කොළඹ 07.
ලේකම්තුමනි,

මැයි 06 දිනට පෙර පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් අතිරේක රාජකාරී වලින් ඉවත්වන බව දැනුම් දීම.

#Covid-19 වසංගත තත්වය යටතේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය පාලනයට අයත් ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සංවර්ධන නිලධාරීහු සැලකිය යුතු රාජකාරියක් ඉටු කරමින් සිටිති.

පසුගිය මාර්තු සහ අපේ‍්‍රල් මාසවල දී පවතින දැඩි අවධානම් සහගත තත්වයන් දරාගනිමින් රාජකාරී ඉටු කළද සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කිසිඳු ගැටළුවකට විසඳුමක් ලබා දී නැත.

#Covid-19 වසංගත තත්වය හමුවේ ජනතාව වෙනුවෙන් වසම තුළ ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙන්ම සමානව කාර්යභාරයක් ඉටු කරන අතර දීමනා සහ පහසුකම් මෙන්ම චක‍්‍රලේක මගින් ආවරණය කිරීමේ දී ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සංවර්ධන නිලධාරීන් නොසලකා හැර ඇත.

02. මුව ආවරණ, අත් ආවරණ ඇතුළු ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා නොදීම.
03. සමෘද්ධි සංවර්ධන හා ග‍්‍රාම නිලධාරීන්ට මෙන්ම අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන ආර්ථික සංවර්ධන හා සංවර්ධන නිලධාරීන්ට දීමනා ලබා නොදීම.
04. රු.5000/- ගෙවීමේ දී වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ට ගෙවීම් සහතික කිරීමට අදාළ වවුචරයේ ඉඩක් ලබා නොදීම.
05. වසම් මට්ටමින් ජනතාවට අවශ්‍ය ඖෂධ, ආහාර ද්‍රව්‍ය සැපයීම හා නිරෝධායන කටයුතු සොයා බැලීම සඳහා යෙදෙන සංවර්ධන නිලධාරීන්ට ඉන්දන වියදම් පෞද්ගලිකව දැරීමට සිදුවීම හා ඒ සඳහා දීමනාවක් ලබා නොදීම.
06. ජනාධිපති කාර්යාලය, අග‍්‍රාමාත්‍ය කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මගින් නිකුත් කරන චක‍්‍රලේක තුළ ආර්ථික සංවර්ධන නිලධාරී/ සංවර්ධන නිලධාරී නම් කර වගකීම් නොපැවරවීම හා නොසළකා හැරීම.

යන ගැටළු සඳහා මැයි 06(බදාදා) දින වන විට පිළිගත හැකි විසඳුමක් අපේක්ෂා කරන අතර උක්ත ගැටළු වලට විසඳුමක් නොලැබුණහොත් මැයි 06 න් පසු අතිරේක සියලූම රාජකාරී වලින් ඉවත්වන බව මෙයින් දන්වා සිටිමු.

#Covid-19 වසංගත තත්වය පරාජය කිරීම අප කාගේත් වගකීමක් වන අතර එම අවධානම් තත්වය හමුවේ ජනතාවට සෘජුවම නිරාවරණය වෙමින්, ජීවිත අවධානම් තත්වයන් දරාගනිමින් සේවයේ යෙදෙන රාජ්‍ය සේවකයින් රැකගැනීම ආණ්ඩුවේ යුතුකමක් මෙන්ම වගකීමක් බවද සඳහන් කරමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි සම්බන්ධීකරණය
ප‍්‍රධාන ලේකම්

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/04/%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *