වෙසක් සතියේ කොරෝනා පතුරවන්න එපා!

පොලීසියෙන්

මැයි 06 වැනි දා රාත්‍රී 08.00 සිට 11 වැනි දා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය කියයි.

වෙසක් පුර පසළොස්වක පොහොය 07 වැනි දාට යෙදී ඇති හෙයින් වෙසක් සැමරුම් නිවස තුළට සීමා කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාගිය සේනාරත්න ජනතාවගෙන් ඉල්ලා සිටී.

සැදැහැවත් බෞද්ධයන් ලෙස වෙසක් සතිය කොරෝනා ව්‍යප්ත කිරීමේ සතියක් බවට පත් කර නොගන්නැයි ඔහු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

මීට ප්‍රථම වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධාන කළ ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් වැළකී සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කටයුතු කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/06/%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b4%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *