පඩි කපන්න එපා! – වරාය සේවකයෝ

රටතොට

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සිය දිනක වැටුප අය කරගැනීමට සමස්තලංකා වරාය පොදු සේවක සංගමය එකඟ නොවේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සංගමය පෙන්වා දෙන්නේ ඇදිරි නීති කාලසීමාවේ පටන් අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත සමස්ත වරාය සේවකයින්ට ලැබිය යුත්තේ දිරි දීමනා බවයි.

එහෙත් එවන් තත්ත්වයත් පසෙක ලා දිනක වැටුප අයකරගැනීමට එළඹි තීරණය අවලංගු කරන මෙන් අදාල ලිපියෙන් සංගමය ඉල්ලා සිටී.

එම ලිපිය –

2020. 05. 11

සභාපති,
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය,
කොළඹ.

ගරු සභාපතිතුමනි,

පවතින #කොරෝනා වසංගතය හේතුවෙන් අසීරුතාවයට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් එක් දිනක වැටුපක් වරාය සේවකයින්ගෙන් ලබාගැනීමට කර ඇති යෝජනාව සම්බන්ධව.

#කොරෝනා වසංගතය හේතුවෙන් මසකට අධික කාලයක් රට තුල පවතින හදිසි තත්වය යටතේ කොළඹ වරායේ සියලූ මෙහෙයුම් කටයුතු අඩපනවීමට ඉඩ නොදී වරායේ සේවකයන් මැදිහත්ව කටයුතු කර ඇත. නාවික, ක‍්‍රියාකරවන, ආරක්‍ෂක සහ නඩත්තු අංශයන්වල මැදිහත්වීම මත එම කටයුතු සම්පූර්ණ කිරීමට හැකියාව ලැබිණි. කොළඹ වරායේ පිහිටි පෞද්ගලික වරායන් තුලද කටයුතු කිරීමේදී ඒ සඳහාද මෙම වරාය සේවකයාගේ ක‍්‍රියාකාරීත්වය අවශ්‍ය විය. එමගින් රටතුල අත්‍යවශ්‍ය සේවා කටයුතු සම්පූර්ණ කර ගැනීමේ හැකියාව ලැබුනේ මෙම තත්වය මතයි.

මෙවන් අවස්ථාවක් යටතේ ඔබේ අංක වඅධි/ප‍්‍ර01/විවිධ/2020 චක‍්‍රලේඛය 2020. 04. 17 දින කළමණාකාර අධ්‍යක්‍ෂතුමා මගින් නිකුත් කර ‘‘#කොරෝනා වසංගතය හේතුවෙන් අසීරුතාවයට පත් ජනතාවට සහන සැලසීම’’ යනුවෙන් දන්වා එය සේවකයන් වෙත ඉදිරිපත්කොට විමසා දිනක වැටුපක් ලබාගැනීමට කටයුතුකොට ඇත. මේ අවස්ථාවේ වරායේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා වරාය සේවකයා සූදානම්ව කටයුතු කරනු ලබයි. ඒ සඳහා දිරි දීමනාවක් දීම වෙනුවට දිනක වැටුප් අයකර ගැනීමක් සිදුකිරීම කාලෝචිත ක‍්‍රියාවක් නොවන බවත්, ඔවුන්ගේ රැකියා තෘප්තිමත් භාවයට බාධාවන් වන බව අපි විශ්වාස කරමු.

රටේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ වන විට විදෙස් රටවල්වලින් විශාල අධාර ප‍්‍රමාණයක් ලැබී ඇති අතර තවත් ආධාර ගලා එමින් පවතී. ලැබී ඇති මුදල් මගින් එම කටයුතු සම්පූර්ණ කරගැනීමට හැකියාව ඇති අතර, වරාය සේවකයන්ගෙන් දිනක වැටුපක් ඒ සඳහා ලබාගැනීමට ඉදිරිපත් කර ඇති ක‍්‍රියාවලියට අප එකග නොවන බවත්, කාර්යක්‍ෂමව මේ අවස්ථාවේ කටයුතු කරන වරාය සේවකයා ගැන සිතා මැයි මස එක්දින වැටුප් අය කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්
චන්ද්‍රසිරි මහගමගේ
ප‍්‍රධාන ලේකම්

සම්බන්ධීකරණය – 0712051388
Coordinating – +94 712051388

පිටපත් –
01. උප සභාපති – ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය
02. කළමණාකාර අධ්‍යක්‍ෂක – ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය
03. අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂක – ශ‍්‍රී ලංකා වරාය අධිකාරි

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/11/%e0%b6%b4%e0%b6%a9%e0%b7%92-%e0%b6%9a%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b7%9d/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *