ජාතික හැඳුනුම්පත ලබාගැනීමේ ක්‍රමය

රටතොට

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලික ව නතර කෙරේ.

ඉකුත් මාර්තු 16 වැනි දා කොවිඩ් 19 වෛරසය පැතිරීම හේතුවෙන් අදාල සේවාව තාවකාලික ව අත්හිටවූ අතර, තවමත් අදාල අවදානම සම්පූර්ණයෙන් පහ ව නැති හෙයින් එම තීරණය දීර්ඝ කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී. ගුණතිලක කියයි.

එහෙත් විභාග, සම්මුඛ පරීක්ෂණ, රියැදුරු බලපත් ලබාගැනීම, විදෙස් ගමන් බලපත් ලබාගැනීම වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් දැනටමත් ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දේ.

ඒ අනුව අදාල ඉල්ලුම්කරුගේ අවශ්‍යතාව ග්‍රාම නිලධාරීවරයා මගින් තහවුරු කර අදාල ඉල්ලුම්පත් ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු කිරීමෙන් අනතුරුව අදාල නිලධාරීන් එම තොරතුරු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට නියමිත ය.

අනතුරුව හැඳුනුම්පත් කඩිනමින් සකසා ලියාපදිංචි තැපෑලෙන් අයදුම්කරු වෙත ලබා දේ.

මාර්තු 16 වැනි දාට පෙර එක්දින සේවාව යටතේ සිය හැඳුනුම්පත ලබාගැනීමට සූදානම් වූ ඉල්ලුම්කරුවන් ට ද ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් උක්ත සේවාව ලබාගන්නා මෙන් කොමසාරිස්වරයා කියයි.

සාමාන්‍ය සේවා අයදුම්පත් ග්‍රාම නිලධාරිවරයා හරහා දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු අතර, අවම කාලයකින් අදාල හැඳුනුම්පත් ද ලබාගැනීමට කටයුතු සලසා ඇත.

මෙතෙක් හැඳුනුම්පත් ලබා නොගත් අපොස සාමාන්‍යපෙල විභාග අයදුම්කරුවන්ගේ අයදුම්පත් ද වහා ම අදාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයට, පළාත් කාර්යාලයට හෝ ප්‍රධාන කාර්යාලයට යොමු කරන මෙන් ඔහු වැඩිදුරටත් සිය නිවේදනයෙන් දන්වා තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/13/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%84%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *