මෝටර් රථ දෙපාර්තමේන්තුව සූදානම්!

රටතොට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යළි සිය සේවා ඇරඹීමට පියවර ගනී.

කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් අත්හිටවූ සියලු සේවා සීමිත කාර්යය මණ්ඩලයක් මගින් යම් සීමාවන්ට යටත් ව ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

මැයි 20 වැනි දා සිට අදාල කටයුතු ඇරඹේ.

සතියේ දිනවල පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මෙහි දැක්වෙන දුරකතන අංක අමතා අවශ්‍ය සේවා සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු ය.

ඊට පරිබාහිර ව කිසිදු සේවාවක් ක්‍රියාත්මක නොකරන බවත්, දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ද නැවත දන්වනතුරු අත්හිටුවා ඇති බවත් කොමසාරිස්වරයා කියයි.

ඇඳිරිනීති කාලය වෙනුවෙන් සහන කාලසීමාවක් ලබා දී ඇති හෙයින් අනවශ්‍ය කලබලයකින් තොර ව රජයේ උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිත ව සිය අවශ්‍යතා සපුරාගන්නා මෙන් හෙතෙම සේවා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා තිබේ.

දිනයක් වෙන් කර ගැනීමේ දී සිය ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරන කොමසාරිස්වරයා එසේ දිනයක් වෙන්කිරීම යනු ඇඳිරිනීති බලපත්‍රයක් ලබාගැනීම නොවන බව ද සිය නිවේදනයේ සඳහන් කර ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/16/%e0%b6%b8%e0%b7%9d%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%bb%e0%b6%ae-%e0%b6%af%e0%b7%99%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *