යුද හමුදාවේ වැඩි ම පිරිසකට උසස්වීම්

උණුසුම්

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමී ව යුද්ධ හමුදාවේ සෙසු නිල 14,617 කට නිල උසස්වීම් පිරිනැමේ.

ජාතික රණවිරු අනුස්මරණ දිනයේ සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මැයි 19 වැනි දා බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අබියස පැවැත්වෙන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේ දී අදාල නිල උසස්වීම් පිරිනමන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනය කරයි.

රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීයභාව ආරක්‍ෂා කිරීමේ දී හා ජන ජීවිතයට තර්ජන එල්ල වන ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනවල දී යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකළ පරාර්ථකාමී සහ නොයෙකුත්
කැපකිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ සෙසු නිල දිරීගන්වමින් උසස්වීම් සිදු කිරීමට තීරණය කළේ ය.

ඒ අනුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා විධායක ජෙනරාල්වරයා ලබාදුන් උපදෙස් අනුව යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සිසිර පිලපිටියගේ මඟපෙන්වීමෙන් යුත් පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමී ව යුද්ධ හමුදා ඉතිහාසයේ එක් දිනයක් තුළ
ලබාදුන් වැඩිම උසස්වීම් ප්‍රමාණය 2020 මැයි මස 18 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තුවල සෙසු නිල වෙත පිරිනමා තිබේ.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 10 වැනි දිනට යෙදුණු 70 වැනි යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් නිලධාරීන් 210 ක් ඇතුළු සෙසු නිල 7210 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වත්මන් යුද්ධ හමුදාධිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කරන ලදී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/17/%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b6%b8-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *