වැටුප් කප්පාදුවට විරෝධය

රටතොට

මතුගම සහ කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක සේවක සේවිකාවන් ගේ මූලික වැටුපෙන් කොටසක් කපා දමා ඇතැයි වාර්තා වේ.

ප්‍රධාන පෙළේ සුඛෝපභෝගී හෝටල් , තේ වතු ඇතුළු සමාගම් සමූහයකට අයත් මෙම ඇඟලුම් ආයතනය දිවයිනේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් එකකි.

එහි ප්‍රධාන කාර්යාලය කොළඹ වොක්ශෝල් වීදියේ පිහිටා ඇත.

රුපියල් 30,000 ට වැඩි මූලික වැටුපක් ලබන සියලු සේවක මණ්ඩලයේ වැටුප්වලින් කොටසක් COVID 19 වෛරසය ව්‍යප්තියෙන් ආයතනය පාඩු ලබන බව පවසමින් මෙලෙස කපා දමා ඇති අතර එය අසාධාරණ බවත් ආයතනයේ කීර්ති නාමයට කැළලක් බවත් සේවකයෝ පවසති .

කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ නොහැකියාව වසා ගැනීම සඳහා COVID 19 යොදාගෙන ඇති බව ඔවුන්ගේ අදහස වී ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ සමූහයේ හෝටල් ක්ෂේත්‍රය පවා උත්සව අත්තිකාරම් ලබා දෙනවිට, ඇඟලුම් ආයතනයේ එම දීමනාව සහ ප්‍රසාද දීමනාව ලබා නොදීමටත් මෙම කළමණාකාර අධ්‍යක්ෂවරයා කටයුතු කළ අතර ඒ හේතුවෙන් ඔහු දැනටමත් සියලුම දෙනා අතර අප්‍රසාදයට ලක් වී ඇත.

සියලු සේවක සේවිකාවන්ගේ වැටුප් විස්තර පත්‍රිකා ( pay sheets ) ලබා නොදීමටත් ආයතනය තීරණය කර තිබේ.

එම තත්ත්වය නීතිවිරෝධී බැවින් ඒ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව සේවකයෝ අවධාරණය කරති.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/17/%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b4%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *