කොළඹ වාහන නැවැත්වීමේ ගාස්තු

ප්‍රදේශීය

කොළඹ නගරයේ වීදි අසල නවතා තැබෙන වාහන සඳහා ගාස්තු අයකිරීම යළි ඇරඹේ.

කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් අදාල ගාස්තු අයකිරීම තාවකාලික ව අත්හිටුවා තිබිණ.

කොළඹ මහ නගරසභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂනී දිසානායක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල ගාස්තු මැයි 21 වැනි දා සිට යළි අයකෙරෙන බවයි.

එසේ වාහන නවතාතැබීම සඳහා අය කෙරෙන ගාස්තු –

මෝටර්කාර් / වෑන් / කැබ් රථ – පැයකට රුපියල් 50.00
මෝටර් සයිකල් / ත්‍රිරෝද රථ – පැයකට රුපියල් 20.00
බස් / ලොරි රථ – පැයකට රුපියල් 70.00
පාසල් වෑන් රථ – මසකට රුපියල් 600.00
පාසල් බස්රථ – මසකට රුපියල් 1000.00
කාර්යාල සේවක ප්‍රවාහන වෑන් රථ – මසකට රුපියල් 1200.00
කාර්යාල සේවක ප්‍රවාහන බස් රථ – මසකට රුපියල් 2000.00

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/20/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9c%e0%b7%8f%e0%b7%83/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *