වැලිසර කඳවුරට සෞඛ්‍ය අංශයේ විශේෂ අවධානය

සෞඛ්‍යය හමුදා තොරතුරු

වැලිසර නාවුක හමුදා කඳවුර සම්බන්ධයෙන් වසංගත රෝග විශේෂඥයින් 04 දෙනෙකු විසින් විශේෂ වාර්තාවක් සැකසූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඒ අනුව කඳවුර තුළ තදින් ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍යාරක්ෂිත නිර්දේශ තමා විසින් කඳවුර වෙත දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

කඳවුර තුළ කොවිඩ් 19 වෛරසය පැතිරීම වහා පාලනය කළ යුතු බැවින් අදාල පියවරට එළඹි බවත්, කඳවුරේ සෞඛ්‍ය බලධාරීන් ඊට උපරිම සහාය දෙනු ඇති බවත් මැයි 20 වැනි දා කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු විශ්වාසය පළ කරයි.

මේ අතර වෛරසය ව්‍යප්තිය පාලනය සම්බන්ධ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නොබෝ දිනකින් නිකුත් කරන බව ද හෙතෙම පැවසී ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/20/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b6%bb-%e0%b6%9a%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%85%e0%b6%82%e0%b7%81/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *