මංගල උත්සව සඳහා මාර්ගෝපදේශන

සෞඛ්‍යය

මංගල උත්සව ඇතුළු විශේෂ උත්සව සඳහා නව මාර්ගෝපදේශන නිකුත් කර නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ වනවිට වලංගු වන්නේ 2020 අප්‍රේල් 27 වැනි දා නිකුත් කළ මාර්ගෝපදේශන බව අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් පෙන්වා දේ.

එසේ නව මාර්ගෝපදේශන නිකුත් කර ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග බොහෝ දෙනා ඒ පිළිබඳ විමසන බව 2 වැනි දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසී ය.

අදාල සම්පූර්ණ ප්‍රකාශනය සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් බාගත කළ හැකි අතර, ප්‍රදේශීය ව උද්ගත වන ගැටළු සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙතින් කරුණු දැනගත හැකි වේ.

මේ වනතුරු පැනවූ මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංශෝධනයේ අවශ්‍යතාවක් උද්ගත ව නොමැති බවත්, එසේ අවශ්‍ය වුවහොත් මාධ්‍ය ඔස්සේ ඒ බව දැනුම් දෙන බවත් වෛද්‍යවරයා පවසයි.

දැනට පවතින මාර්ගෝපදේශයන්ගෙන් කිහිපයක් –

1. හැකිතාක් උත්සව පැවැත්වීමෙන් වළකින්න.
2. උත්සවයට පෙර උත්සව ශාලාවේ භාණ්ඩ පිරිසිදු කර විෂබීජහරණය කරන්න.
3. අමුත්තන්ට දෑත් සේදීමට වැලමිටෙන් හෝ පාදයෙන් ක්‍රියාත්මක කළ හැකි ජල කරාම ශාලාවට පිවිසෙන ස්ථානයේ තබන්න.
4. සියලු අමුත්තන් ශාලාවට පිවිසීමට පෙර දෑත් සේදීම අනිවාර්යය වන අතර, ඔවුන්ගේ සිරුරේ උෂ්ණත්වය මැනිය යුතුයි.
5. අමුත්තන් අතර මීටරයක දුර පවත්වාගනිමින් ශාලාව තුළට මනා වාතාශ්‍රයක් ලැබීමට ඉඩ සැලැස්විය යුතුයි.
6. උත්සවය විවෘත පරිසරයක පැවැත්වීම වඩා සුදුසුයි.
7. ශාලාවට පිවිසෙන ස්ථානයේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට අදාල සෞඛ්‍ය පුරුදු ප්‍රදර්ශනය කළ යුතුයි.
8. සිපගැනීම, අතට අත දීම වෙනුවට අත් එකිනෙකා ස්පර්ශ නොවන ආචාර ක්‍රම භාවිත කළ යුතුයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/20/%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%84-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b7%9d%e0%b6%b4%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *