දියේ ගිලුණු දෙදෙනෙක්..

පොලීසියෙන් ප්‍රදේශීය

දියට පැන සිය දිවි නසාගැනීමට තැත් කළ තරුණියක බේරාගැනීමට තලවාකැලේ පොලිස්ථානාධිපතිවරයා සමත් වේ.

තරුණිය 21 වැනි දා පෙරවරුවේ ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි නසාගැන්මට වෙර දරා ඇත.

වයස අවුරුදු 22 ක් පමණ වූ ඇය බේරාගැනීමට දියට බට 32 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මේ අතර එහි පැමිණි තලවාකැලේ පොලිස්ථානාධිපතිවරයා තවත් අයෙකුගේ සහායෙන් තරුණිය බේරාගෙන ඇත.

ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා ළිඳුල රෝහලට ඇතුළත් කර ඇති අතර, දියේ ගිලුණු තරුණයාගේ සිරුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් පසුව සොයාගෙන තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/21/%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9c%e0%b7%92%e0%b6%bd%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *