ධීවර යාත්‍රාවල සහායට නාවුක නෞකාවක්

හමුදා තොරතුරු

‘අම්ෆන්’ සුලි කුණාටුව හේතුවෙන් මුහුදේ අතරමංවූ ධීවර යාත්‍රාවන්ට සහාය පිණිස නාවුක හමුදාවේ නෞකාවක් පිටත් කෙරේ.

ඉකුත් දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේනද්‍ර කර ගනිමින් පැවති ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය මත ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහාය සහ ඉන්ධන ලබා දීම අරමුණයි.

ඒ අනුව නාවුක හමුදාවට අයත් අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් ඒ වෙත පිටත් කර යැවීමට නාවුක හමුදාව මැයි මස 21 වැනි දා පියවර ගත්තේ ය.

මෙරට බහුදින ධීවර යාත්‍රා 30 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ඉන්දුනිසියාව ආශ්‍රීත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති අතර, සුළි කුණාටුවේ බලපෑම පහ ව යාමත් සමඟ නැවත එම ධීවර යාත්‍රා ගොඩබිම කරා යාත්‍රා කරමින් සිටී.

මෙම සුළි කුණාටු තතිත්වය හේතුවෙන් විපතට පත් සියලු ධීවර යාත්‍රා ද ඉදිරියේ දී නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවුක හමුදාව කටයුතු කරනු ලැබේ්‍ර.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/21/%e0%b6%b0%e0%b7%93%e0%b7%80%e0%b6%bb%e0%b6%ba-%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%bd-%e0%b7%83%e0%b7%84%e0%b7%8f%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *