යුද හමුදාවට විෂබීජහරණ රියක්

විද්‍යා හා තාක්ෂණ හමුදා තොරතුරු

කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාවට විෂබීජහරණය කිරීමේ රථයක් පරිත්‍යාග කෙරේ.

ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල්, 57 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සහ අයන්මෑන් 4×4 ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමට අයත් තවත් කිහිපදෙනෙකුගේ සම්බන්ධීකරණයෙන් එය මනා ව නිම කර ඇත.

අයන්මෑන් ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ නිර්මාතෘ එස්.ඒ.එම්. චන්ද්‍රසෝම මහතා මීට පෙර ද විෂබීජනාශක යන්ත්‍ර නිපද වූ අතර කොවිඩ්-19 වෛරසය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යප්තිය හේතුවෙන් ජංගම විෂබීජහරණය කිරීමේ රථයක් ලෙස වැඩිදියුණු කළ හැකි, ඕනෑම භූමියක ගමන් කිරීමේ හැකියාවෙන් යුතු වාහනයක් භාවිත කිරීම වඩාත් සුදුසු යන ජන
සංකල්පය මත මෙම රථය නිෂ්පාදනය කර තිබේ.

ඔවුහු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී කොවිඩ්-19 වෛරසය
පැතිරයාම වැළැක්වීමේ කටයුතුවල නිරත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා තාක්‍ෂණික හා ඉහළ ඵලදායිතාවයකින් යුතු ව නිපදවූ අදාල රථය භාරදුන් හ.

පටු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව ඇති මෙම විෂබිජහරණය කිරීමේ රථය මගින් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා විෂබිජහරණ කටයුතුවල නියැලෙන භට පිරිස්වල සම්බන්ධතාව අවම කරගැනීමට හැකියාව ඇති අතර ගමන් කිරීමට නොහැකි, ප්‍රමාණයෙන් කුඩා ස්ථාන පවා විෂබිජහරණය කිරීමට දිගු නලයකින් ද සමන්විත වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බල ගණයේ භට පිරිස් පොදු ස්ථාන, දුම්රිය ස්ථාන ආදිය විෂබීජහරණය කිරීම සඳහා මේ වනවිටත් මෙම රථය භාවිත කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/21/%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b7%82%e0%b6%b6%e0%b7%93%e0%b6%a2%e0%b7%84%e0%b6%bb%e0%b6%ab-%e0%b6%bb%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *