සමගි ජන බලවේගයේ කමිටු රැස් වේ.

දේශපාලන

සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අනාගත ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිහිට වූ කමිටු රාශියක් රැස් වේ.

එහි ආරම්භක රැස්වීම් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් 21 වැනි දා පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි .

සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සියළු දෙනා ද ඇතුළුව නොයෙක් ක්ෂේත්‍රවල විද්වතුන්, වෘත්තිකයින්, නියෝජනය කරන අදාල කමිටු මගින් පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදනයත් වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යංශ ක්‍රියාකාරීත්වයත් විමර්ශනය කර ක්‍රියා කිරීමත් අපේක්ෂා කෙරේ .

ආර්ථිකය ,අධ්‍යාපනය, තරුණ කටයුතු, වැවිලි, ප්‍රවාහන ළමා හා කාන්තා, දිළිඳුකම පිටු දැකීම, නීතිය හා සාමය, මූලික මිනිස් අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ආදි ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන අන්දමට කමිටු පිහිටුවා ඇත .

සෑම කමිටුවකටම අදාල ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති ලේකම්වරයෙක් පත් කිරීමට කටයුතු කර ඇති අතර මෙම කමිටු තම කාර්යය භාරයට අයත් ක්ෂේත්‍ර පිළිබඳ විවිධ පැතිකඩ ඔස්සේ කරුණු විමර්ශනය කොට වහා ම වාර්තා සකස් කොට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ඉදිරිපත් කරන්නැයි නායකයා සියලු කමිටු වලට උපදෙස් ලබා දෙන ලදී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/21/%e0%b7%83%e0%b6%b8%e0%b6%9c%e0%b7%92-%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%94-%e0%b6%bb%e0%b7%90%e0%b7%83/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *