තවත් දෙදිනක් දිවයිනට ම ඇඳිරි නීතිය

පොලීසියෙන්

මැයි 24 සහ 25 දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය පැනවේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හි දැනට බල පැවැත්වෙන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාතිය සේනාරත්න නිවේදනය කළේ ය.

සෙසු දිස්ත්‍රික් සඳහා මැයි 23 වැනි දා රාත්‍රී 08.00 ට පැනවෙන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ 26 වැනි දා අළුයම 05.00 ටයි.

එතැන් පටන් නැවත දැනුම් දෙනතුරු අදාල දිස්ත්‍රික් හි රාත්‍රී 08.00 ට ඇඳිරි නීතිය පනවා අළුයම 05.00 ට ඉවත් කෙරේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය පවතිද්දී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රියාත්මක ඇඳිරි නීතිය 23 වැනි දා දක්වා අඛණ්ඩ ව ක්‍රියාත්මක කර, යළි 26 වැනි දා පටන් ක්‍රියාවට නැංවෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/22/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b6%a7-%e0%b6%b8-%e0%b6%87%e0%b6%b3/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *