නාවුක හමුදාව ආධාර ඉල්ලන්නෙ නෑ..!

හමුදා තොරතුරු

කිසි ලෙසකින් හෝ තමා වෙත ආධාර ලබාදෙන්නැයි ඉල්ලීමක් නොකළ බව ශ්‍රී ලංකා නාවුක හමුදාව අවධාරණය කරයි.

කොරෝනා වසංගතය රට තුළ ව්‍යප්ත වීම වැළැක්වීම පිණිස ශ්‍රී ලංකා නාවුක හමුදාව විවිධ ව්‍යාපෘති රැසක් සිදු කරමින් සිටී.

ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ හා ඇඳුම් මෙන් ම ද්‍රව්‍යමය ආධාර ද විවිධ පාර්ශ්ව වෙතින් නාවුක හමුදාව වෙත ලබා දේ.

එහෙත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නාවුක හමුදාව සඳහා ආධාර ලබා දෙන මෙන් ඉල්ලා අසත්‍ය ප්‍රචාර සිදු කෙරෙන බව නාවුක හමුදා මාධ්‍ය ඒකකය 22 වැනි දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නාවුක හමුදාව කිසිදු විටෙක එලෙස දෙවැනි පාර්ශ්වයක් වෙත නාවුක හමුදාව වෙනුවෙන් ආධාර රැස් කිරීම සඳහා කිසිදු ආකාරයක අනුමැතියක් ලබා දී නොමැති හෙයින් එවැනි අසත්‍ය ප්‍රචාර සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස අදාල නිවේදනයෙන් ජනතාවගෙන් ඉල්ලා ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/22/%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%94%e0%b6%9a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b7%80-%e0%b6%86%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *