බැසිල් ඉවත් කර නව කමිටුවක් පිහිටුවන්න!

දේශපාලන

රජය විසින් ජුනි මාසය සඳහා ජනතාවට සහන පිණිස ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාදීම අත්හිටුවීම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ විවේචනයට ලක් වේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන එය නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ප්‍රකාශ කළ බවත්, එය සාහසික අපරාධයක් බවත් ඔහු පැවසී ය.

අදාල සහන මුදල් ගෙවීමට රජය සතු ව මුදල් නොමැති බවටත්, මැතිවරණ කොමිසම අදාල දීමනාව ලබා නොදෙන්නැයි පැවසූ බවටත් කැබිනට් ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය හිටපු ඇමතිවරයා හෙළා දකී.

මැතිවරණය වෙනුවෙන් රජය බොහෝ සැලසුම් සකස් කළ ද වර්තමානයේ මැතිවරණය පැවැත්වීමට දින නියමයක් නොමැති තත්ත්වයක් තුළ අදාල සැලසුම් අසාර්ථක වී ඇතැයි ඔහු පැවසී ය.

බියගම මුදල් මුද්‍රණ යන්ත්‍රයෙන් රුපියල් 5000 ක් නොව 50,000 ක් ගෙවීමට තරම් මුදල් මුද්‍රණය කර ඇති බව ඔහු පෙන්වා දේ.

බැසිල් රාජපක්ෂ හා පොහොට්ටු සාමාජිකයින් මගින් දේශපාලනීකරණය වූ මුදල් හා සහනාධාර බෙදීමේ ව්‍යාපෘති සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවන මෙන් ඔහු යෝජනා කරයි.

ජනතාවගේ කුසගින්න සමග සෙල්ලම් නොකරන්නැයි හිටපු ඇමතිවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/22/%e0%b6%b6%e0%b7%90%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%b1%e0%b7%80-%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *