සජිත්, යුනිසෙෆ් නියෝජිත හමුවක්

දේශපාලන සෞඛ්‍යය

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ යුනිසෙෆ් විශේෂ නියෝජිතවරයා අතර හමුවක් පැවති බව සමගි ජන බලවේගය කියයි.

යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත ටිම් සුටොන් 22 වැනි දා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමු වූ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුසිතා විජේමාන්න සහ කාවින්ද ජයවර්ධන ද එක් වූ හ.

නවීන සහ විද්‍යාත්මක සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මත පිහිටා ශ්‍රීලංකාව ගොඩනැගීමේ සජිත් ප්‍රේමදාස සංකල්පය මත සාකච්ඡාව පැවැත්විණ.

රෝග නිවාරණ හා ප්‍රතිකාරක ක්ෂේත්‍රය,ජාතික පෝෂණ ප්‍රතිපත්තිය,ළමා හා මාතෘ සෞඛ්‍ය,රෝහල් පද්ධතිය යනාදී අංශ මුල්කරගෙන දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු වූ අතර ඊට අදාල ව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සැකසීමේ පුරෝගාමී මුලපිරීම සදහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද ඇතුළත් ව තුසිතා විජේමාන්න,කාවින්ද ජයවර්ධන ඇතුළු කමිටුවට පැවරිණි.

ඉවක් බවක් නැතිව ඉදිරිපත් කෙරෙන අවිද්‍යාත්මක කරුණුවලින් තොර ව විද්‍යානුකූල දත්ත මත පදනම් වූ තිරසර ප්‍රතිපත්ති මාලාවක්, යුනිසෙෆ් සංවිධානයේ ද අදහස් මත පිහිටා සතියක් තුළ සැකසීමට නායකයා එහි දී උපදෙස් ලබා දුන්නේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/22/%e0%b7%83%e0%b6%a2%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%99%e0%b7%86%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%92%e0%b6%ad-%e0%b7%84/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *