සමුදුර අතරමං වූ ධීවර යාත්‍රා හමුවට..

හමුදා තොරතුරු

‘සමුදුර’ නෞකාව ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් අතරමං වූ මෙරට ධීවර යාත්‍රා වෙත ළඟා වේ.

‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහාය සහ ඉන්ධන ලබා දීම සඳහා මැයි මස 21 වැනි දා පිටත් ව ගිය ශ්‍රී ලංකා නාවුක හමුදාවට අයත් සමුදුර නෞකාව අදාල ධීවර යාත්‍රා වෙතට ළඟා වී අදාල යාත්‍රා සමඟ සන්නිවේදන කටයුතු ගොඩ නගාගෙන ඇතැයි නාවුක හමුදාව කියයි.

ගොඩබිමට යාත්‍රා කරන අතර අදාල ධීවර යාත්‍රා සහ ධීවරයන්ට අවශ්‍ය ආහාර, වෛද්‍යාධාර සහ ඉන්ධන සමුදුර නෞකාව මගින් අවශ්‍ය පරිදි ලබාදීමට නාවුක හමුදාව කටයුතු සූදානම් කර ඇත.

මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ධීවර යාත්‍රා ඉදිරියේ දී නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවුක හමුදාව කටයුතු කරනු ලැබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/22/%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%bb-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb%e0%b6%b8%e0%b6%82-%e0%b7%80%e0%b7%96-%e0%b6%b0%e0%b7%93%e0%b7%80%e0%b6%bb-%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *