ආසාදිතයින් 1085 ක්

සෞඛ්‍යය හමුදා තොරතුරු

මැයි 23 වැනි දා නව කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ ඉන් 15 දෙනෙකු නාවුක හමුදා සාමාජිකයින් බව ය.

ඔවුහු 10 දෙනෙකු කන්දකාඩු හා 05 දෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටිය හ.

සෙසු 02 දෙනා ගිරාගම නිරෝධායනය මධ්‍යස්ථානයේ ඩුබායි හි සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වෙති.

මේ වනවිට ලංකාවෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 1085 ක් වේ.

ඉන් 660 දෙනෙකු සුවය ලබා ඇති අතර 416 දෙනෙකු මේ වනවිටත් රෝහල්ගත ව ප්‍රතිකාර ලබති.

මැයි 22 වැනි දා පීසීආර් පරීක්ෂණ 1970 ක් සිදු කර නව ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/23/%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-1085-%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *