නාවුකයින් 283 කට සුවයි.

හමුදා තොරතුරු

කොවිඩ් – 19 සුව වූ තවත් නාවුක සාමාජිකයින් 33 දෙනෙකු රෝහල්වලින් පිට ව යති.

තවදුරටත් වෛරසය ඔවුන්ගේ ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව මැයි මස 22 වැනි දා ඔවුන් නික්ම ගොස් තිබේ.

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඉන් 22 දෙනෙක් නාවුක මහ රෝහලින්ද , 04 දෙනෙකු අයිඩීඑච් රෝහලෙහි ද, 06 දෙනෙකු මුල්ලේරියාව රෝහලින් ද, එක් අයෙකු වැලිකන්ද රෝහලින් ද ප්‍රතිකාර ලබා ගත් හ.

මෙම නාවුක සාමාජිකයින් 33 දෙනා ද ඇතුළු ව මේ වනවිට වෛරසය ආසාදනය වී රෝහල්ගත කල සමස්ත නාවුක හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් 283 දෙනෙකු සුවය ලබා තිබේ.

රෝහල් වෙතින් පිට ව ගිය ද ඔවුන් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කර ඇත.

Thirty three

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/23/%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%94%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-283-%e0%b6%9a%e0%b6%a7-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%ba%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *