පොසොන් පින්කම් වෙසක් ආකාරයට ම..

ආගමික

පොසොන් පොහෝ දිනය ද වෙසක් පොහෝ දින ගත කළ ආකාරයෙන් ම ගත කරන්නැයි අග්‍රාමාත්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉකුත් මැයි 22 වැනි දා දුරස්ථකරණය ආරක්ෂා කරමින් විහාරස්ථාන තුළ සීල සමාදාන ඇතුළු පින්කම් සංවිධාන කරන මෙන් එමගින් දන්වා සිටියේ ය.

එහෙත් දිවයින තුළ කොවිඩ් වසංගතය පාලනය වෙමින් පවතින වර්තමානයේ තවදුරටත් අදාල පාලනය පවත්වාගෙන යාම පිණිස වෙසක් පොහෝ දින ගත කළ අයුරින් ම නිවාස තුළ වෙසෙමින් ප්‍රතිපත්ති පූජාවන් හි නිරත වන මෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන පොසොන් පොහෝ දා විශේෂ සීල සමාදාන ඇතුළු පින්කම් සජීව ලෙසින් විසුරුවා හැරීමට පියවර ගෙන තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/23/%e0%b6%b4%e0%b7%9c%e0%b7%83%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b6%86%e0%b6%9a%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *