සමුදුර යුතුකම් ඉටු කරයි.

හමුදා තොරතුරු

‘සමුදුර’ නෞකාව ආපදාවට පත් ධීවර යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන පිරිනමයි.

‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රා ශ්‍රී ලංකා නාවුක නෞකා සමුදුර නෞකාවේ සහායෙන් ගොඩබිම වෙත ළඟාවෙමින් පවතින බව නාවුක හමුදාව කියයි.

අදාල යාත්‍රා සඳහා අවශ්‍ය ඉන්ධන සමුදුර නෞකාව මැයි 23 වැනි දා ලබා දුන්නේ ය.

මව්බිම කරා පැමි‍ණෙන ධීවර යාත්‍රාවල ඉන්ධන අවසන් වීම හේතුවෙන් ගොඩබිම සිට මුහුදු සැතපුම් 450 ක පමණ දුරක දී අදාල යාත්‍රා වෙත ගොඩබිම කරා යාත්‍රා කිරීමට අවශ්‍ය ඉන්ධන එසේ පිරිනමා තිබේ.

සදෙව්මි 04 , සානු පුතා 01, මදුසංක 01, සයුරි 06, රන්පුතා 09 සහ සප්නා 08 යන මෙරට බහුදින ධීවර යාත්‍රා වෙත ඉන්ධන ලබා දී ඇත.

මෙලෙස බහුදින යාත්‍රා 30 කට අධික ප්‍රමාණයකට නාවුක හමුදා සහාය ලැබී තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/23/%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%bb-%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%89%e0%b6%a7%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *