නිරෝධායනය නිම වූ පිරිස 10,000 ක ඉක්මවයි.

සෞඛ්‍යය

මැයි 25 වැනි දා පෙරවරුවේ රුසියාවේ මොස්කව් නුවර සිට UL – 1206 දරන මගී ගුවන්යානයෙන් පුද්ගලයින් ලාංකිකයින් 181 දෙනෙකු දිවයිනට පැමිණි බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වන රාජගිරිය ආයුර්වේදයෙන් 39 දෙනෙක්, වාද්දුව ලායා බීච් ‍වෙතින් 04 දෙනෙක් , බූස්සේ නිපුණ වෙතින් 14 දෙනෙක් සහ රුවල ‍වෙතින් 01 අයෙකු ඇතුළු 58 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණවලට පෙනී සිට 25 වැනි දා තම නිවෙස් වෙත පිටත් වූ හ.

ඒ අනුව, එදින වනවිට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 10,790 දෙනෙකු
නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් කරා පිටත් ව ගොස් තිබේ.

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4,645 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටිති.

මේ වනවිට නාවුක හමුදාව තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සංඛ්‍යාව 623 ක් වේ. ඉන් 312 දෙනෙකු PCR
පරික්‍ෂණ සිදු කර සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇත. දැනට 311 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටිති.

මැයි 24 වැනි දා රාත්‍රී 23.20 ට පමණ මංකි බ්‍රිජ් (ත්‍රිකුණාමලය) නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුවේට් හි සිට පැමිණි වයස අවුරුදු 52 ක් පමණ වන කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පපුවේ ඇති වූ ආසාදිත තත්ත්වයක් මත මියගොස් ඇති බව නිරෝධායන මධ්‍යස්ථාන භාර වෛද්‍ය නිලධාරියා සනාථ කළේ ය.

ත්‍රිකුණාමලය මහ රෝහලේ දී පශ්චාත් මරණ පරික්‍ෂණය සිදු කිරීමෙන් අනතුරුව කරන ලද PCR පරික්‍ෂණය මගින් ඇයට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/25/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%b8-%e0%b7%80%e0%b7%96-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%83-10000-%e0%b6%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *