කළු ගඟ ආශ්රිත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් වෙතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ ද්‍රෝණිය අසල මිල්ලකන්ද මිනුම් මධ්‍යස්ථානය අසල මැයි 27 වැනි දා රාත්‍රී 07.00 වනවිට පැවති ජල මට්ටම මීටර් 6.25 ක් බව වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර පෙන්වා දේ.
එහි සුළු ගංවතුර මට්ටම මීටර් 6.5 කි.
ද්‍රෝණියේ ධාරා ප්‍රදේශ වන කුකුළේගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින අතර, එදින රාත්‍රියේ ද අධික වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇති හෙයින් පහත සඳහන් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත..
මැයි 27, 28 දෙදින අවධානයෙන් පසුවිය යුතු ප්‍රදේශ –
බුලත්සිංහල, පාරින්ද නුවර, මිල්ලනිය, හොරණ, දොඩංගොඩ, කළුතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා ගඟ සහ කළු ගඟ ගංවතුර නිම්නයට අයත් පහත් ප්‍රදේශ