යුද හමුදා සාමාජිකයෙකුටත් කොරෝනා

හමුදා තොරතුරු

මැයි 29 වැනි දා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර යුද හමුදා සාමාජිකයෙකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

එදින හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව අතර ඔහු ද වන බව විශේෂඥ වෛද්‍යවරයා තහවුරු කළේ ය.

මූලික ලේඛනගතකිරීම් අවසානයේ සිදු කළ තහවුරු කිරීමේ දී ඔහු හඳුනාගෙන තිබේ.

හෙතෙම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සේවයේ නිරිත ව සිටි අයෙක් ය.

කුවේට් හි සිට පැමිණි ලාංකික පිරිසට ඉතා සමීපයෙන් සහාය දැක්වූ ඔහු දැනට රෝහල්ගත ව ප්‍රතිකාර ලබයි.

මේ අතර නාවුක හමුදා සාමාජිකයින් 05 දෙනෙකුට 30 වැනි දා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියයි.

ඒ සමග කොවිඩ් 19 ආසාදිත නාවුකයින් ගණන 730 දක්වා ඉහළ නැංවී ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/30/%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *