කාන්තා නියෝජනය කෝ?

රටතොට

බොහෝ පාර්ශ්ව දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ මුනිවත රැකීම කණගාටුවට කරුණක් යැයි කැෆේ සංවිධානය කියයි.

සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ සඳහන් කළේ මෙවර ඡන්ද හිමියන්ගේ දිනය සමරන මොහොත වනවිට මෙරට දේශපාලනය තුළ කාන්තාවට ඇති අවකාශය පිළිබඳ කථා කිරීම වඩා සුදුසු බව ය.

මෙරට ඡන්ද හිමියන්ගෙන් වැඩිම ප්‍රතිශතය කාන්තාවන් වන නමුත් කාන්තා නියෝජනයට ලැබී ඇත්තේ අවම ඉඩ පරාසයක් බව ඇය පෙන්වා දේ.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී කාන්තා නියෝජනය සඳහා වන සම්මත ගොඩනගා තිබූ බවත් සියලු දේශපාලන පක්ෂ ඊට අනුගත ව කටයුතු කළ බවත් පෙන්වා දෙන අධ්‍යක්ෂිකාව, මහ මැතිවරණ නාම යෝජනා ලබාදීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් කාන්තා නියෝජනය සඳහා පුළුල් අවස්ථාවක් ලබා නොදීම කණගාටුවට කරුණක් බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා ය.

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් තේරී පත්වන ආණ්ඩුව කාන්තා නියෝජනය අවම මට්ටමක පවතින ආණ්ඩුවක් වන ඇති බව ඇය පවසයි.

මෙරට ආර්ථිකය සඳහා වැඩි ම දායකත්වය සපයන්නේ කාන්තාවන් බවත්, විශේෂයෙන් මැද පෙරදිග රටවල සේවයේ නිරත වැඩි පිරිස කාන්තාවන් වන අතර මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ද වැඩිම ශ්‍රම දායකත්වය කාන්තාවන්ගෙන් බවත් අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළා ය.

එමෙන්ම තේ, රබර් වැනි බෝග වගා සඳහා ද වැඩිම ශ්‍රම දායකත්වය කාන්තාවන් විසින් සපයන බව පෙන්වා දෙන ආරියවංශ මහත්මිය, පාලන බලය සඳහා පමණක් කාන්තාව දායක කර නොගැනීම කණගාටුදායක තත්ත්වයක් පෙන්වා දේ.

මේ නිසා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය තහවුරු කිරීමේ අවශ්‍යතාව සියලු දේශපාලන පක්ෂ විසින් වටහාගත යුතුව ඇති බව ද ඇය සඳහන් කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/02/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9d/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *