නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී

හමුදා තොරතුරු

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස රාජකාරී අරඹයි.

ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 55 වැනි මාණ්ඩලික ප්‍රධානියා වේ.

ඔහු 2020 ජුනි 01 වැනි දා බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී සිය රාජකාරි ආරම්භ කළේ ය.

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ ජීවිතයේ විශේෂ කඩඉම් –

* ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනා විධායක

*ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනා විධායක

* ශ්‍රී ලංකා යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (පාඨමාලා අංක-2) සහ පාකිස්ථානයේ ක්වේටා (Quetta) අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරී

* 1999 දී යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උසස් නිරික්‍ෂණ පත්‍රිකාවට හිමි ‘ස්වර්ණමය පන්හිඳ’ (Commandant's Golden Pen) සම්මානලාභී

* ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍ යාපීඨයේ උපදේශක නිලධාරී

* ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක නිලධාරි

* ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ හමුදා අංශයේ පුහුණු කණ්ඩායමේ ප්‍රධානි

* පාකිස්ථානයේ බලුකිස්තාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී යුද අධ්‍යයනය උපාධිය (ගෞරව)

* ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය

* එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් (Bradford) විශ්ව විද්‍යාලයෙන් ගැටුම් නිරාකරණය පිළිබඳ කුසලතාවන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය

* සිය යුද්ධ හමුදා වෘත්තීය ජීවිතය පුරා යුද්ධ හමුදාවේ ක්‍රීඩාව නඟා සිටුවීමට දැඩි උනන්දුවක් දැක්වීම

* යුද්ධ හමුදා පිහිනුම් හා වෝටර් පෝලෝ (Water-Polo) කමිටුවේ සභාපති

* ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ උප සභාපති

* යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති

* යුද්ධ හමුදා කරාතේ කමිටුවේ වත්මන් සභාපති

* යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්

* වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති

* 57 වැනි පාබල සේනාංකයේ සේනාංකාධිපති

* ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධිකරණ නිලධාරී සහ සැලසුම් අධ්‍යක්‍ෂ

* සිය හමුදා දිවියේ මුල් අවදියේ දී, ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරියෙකු ලෙස ප්‍රධාන මානුෂීය යුද මෙහෙයුම් රැසකට දායක වූ ඔහු වර්ෂ 1991 දී දියත් කළ ‘බලවේගය 1’ අලිමංකඩ මුදාගැනීමේ මෙහෙයුමේ දී සතුරු ප්‍රහාරයකින් තුවාල ලැබීම.

* සතුරා ඉදිරියේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් ‘රණශූර පදක්කම’

* මනා යුද හමුදා විනය හා සේවය අගයා ‘විශිෂ්ට සේවා විභූෂණ පදක්කම’

* ‘උත්තම සේවා පදක්කම’

* හමුදා ජීවිතයේ තවත් විශේෂ පදක්කම් 12 කට අධික ප්‍රමාණයක් ලබාගැනීම

* සිය 30 වසරකට අධික දීර්ඝ යුද්ධ හමුදා වෘත්තීය ජීවිතය තුළ, පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීමේ (Explosive Ordnance Disposal Unit) ඒකකයේ නිලධාරි අණ දෙන ඇතුළු අණ දීමේ තනතුරු රාශියක් හෙබවීම

* 8 වැනි ඉංජිනේරු රෙජිමේන්තුවට සහ 6 වැනි ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවට අණ දෙමින් අදාල කාලයේ වවුනියාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කමිටුවේ ප්‍රධානියා වීම.

* පේදුරුතුඩුවේ පිහිටි 542 වැනි බල සේනාවේ බල සේනාධිපති

* ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනා විධායක ලෙස වසර 03 කට අධික කාලයක් සේවය කිරීම

* ඉංජිනේරු බල සේනාවේ බල සේනාධිපති ලෙස බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට හා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ
ඉවත් කරන ඉංජිනේරු භටයින්ට ඉතා ඉහළ පිළිගැනීමක් ලබා දීම.

* ක්ෂේත්‍ර ඉංජිනේරු, ඉංජිනේරු ව්‍යාපෘති, බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත ව ඉංජිනේරු බල සේනාවේ බල සේනාධිපති ලෙස ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති රැසකට දායක වීම.

* යුද්ධ හමුදාවේ පළමු රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික (Chemical Biological Radiological Nuclear) බල ගණය පුහුණු කිරීමට හා ස්ථාපිත කිරීමට පුරෝගාමී වීම.

* පසුව එය ඉංජිනේරු රෙජිමේන්තුවේ 14 වැනි රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික (Chemical Biological Radiological Nuclear) බල ගණය ලෙස පිහිටුවීම.

* ඉංජිනේරු බල සේනාවේ බල සේනාධිපති ලෙස නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම්
කණ්ඩායමට සහභාගී වූ අතර ආපදාවට ලක්වූවන් මුදාගැනීම සහ එහි ඉදිකිරීම් කටයුතු සඳහා ඉහළ පිළිගැනීමක් හා ඇගයීමක් ලබාගනිමින් අදාල මුදාගැනීමේ මෙහෙයුම මෙහෙයවීම.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/02/%e0%b6%b1%e0%b7%80-%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *