හමුදා නිලධාරියාගේ පවුලටත් කොරෝනා

සෞඛ්‍යය හමුදා තොරතුරු

ඉකුත් දා කොවිඩ් 19 ආසාදිත යැයි වාර්තා වූ යුද්ධ හමුදා නිලධාරියාගේ පවුලේ සාමාජිකයින්ට ද අදාල වෛරසය ආසාදිත බව තහවුරු වේ.

ඔහුගේ බිරිඳ සහ දරුවාට රෝගය වැළඳී ඇතැයි ජුනි 01 වැනි දා සනාථ වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය 02 වැනි දා පස්වරුවේ නිවේදනය කළේ ය.

මේ අතර එදින වාර්තා වූ ආසාදිත නාවුක හමුදා සාමාජිකයින් ගණන 02 කි.

වෛරසය ආසාදිත සමස්ත නාවුකයින් සංඛ්‍යාව 758 ක් වන අතර ඉන් 411 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබේ.

තවත් 347 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබති.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/02/%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b6%a7%e0%b6%ad/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *