කොළඹ ඩෙංගු මර්දන මෙහෙයුමක්

ප්‍රදේශීය

කොළඹ මහ නගර සභා සීමාවේ දින 04 ක ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ.

ජුනි 04, 05, 06 සහ 07 යන දිනවල එය ක්‍රියාත්මක කෙරෙන බව නගර සභාව දන්වා සිටී.

එක් එක් ප්‍රදේශ ආවරණය කරමින් සියලු පරිශ්‍ර පරීක්ෂාවට නියමිත අතර, ස්ථානීය පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, පොලිස් නිලධාරියෙකු හා කසල කළමනාකරණ අංශයේ නිලධාරියෙකු බැගින් සහභාගී වීමට නියමිත ය.

ඒ යටතේ නගරයේ සියලු කාණු පද්ධති, මළ නාලිකා සහ මෑන් හෝල්ස් පරීක්ෂා කෙරේ.

පරීක්ෂා අතර ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගතහොත් අදාල පරිශ්‍ර හිමියන්ට එරෙහි නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ නගර සභාව නිවේදනය කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/03/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%a9%e0%b7%99%e0%b6%82%e0%b6%9c%e0%b7%94-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%af%e0%b6%b1-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ba%e0%b7%94%e0%b6%b8/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *