අට ලෝ දහමින් කම්පා නොවෙමු!

ආගමික දේශපාලන

ගුණයෙහි පිහිටා පොසොන් උත්සවය සැමරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජනතාවට ආරාධනා කරයි.

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත.

ඔහුගේ පොසොන් දින පණිවුඩය –

අනුබුදු මිහිඳු මාහියන් ගේ අසිරිමත් ලංකාගමනයෙන් 2327 වසක් සපුරමින් උදා වූ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.

එදා මෙදාතුර ඉතිහාසයේ අපේ රට ලද අග්‍රගණ්‍යම දායාදය වූයේ අද වැනි පොසොන් පොහෝ දිනක ලද ශ්‍රී සම්බුදු දහමයි.

භාරත නරපති ධර්මාශෝක රජුගේ ලෝක ධර්ම ප්‍රචාරක ව්‍යාපෘතියෙහි ප්‍රතිඵලයක් ලෙස මිහිදු මාහිමිපාණන් වහන්සේ අපේ රටට සම්බුදු දහම රැගෙන වැඩි සේක.

‘තමේ ව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා’- ඔබ වෙත අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි ආවෙමු’.යි උන් වහන්සේ දේශනා කළ සේක.

එතැන් පටන් බුදු දහමින් ගොඩනැගුණු මහා සංස්කෘතිය අප මාතෘ භුමිය සිසාරා සෑම ගම් දනව්වකම පැතිර ගියේය.

ථේරවාදී බුදු දහම,ත්‍රිපිටකය, ලේඛන කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා කර්මය, ස්තූප නිර්මාණ ශිල්පය යනාදී සියලු ක්ෂේත්‍රයන් ද, සහජීවනය, සහනශීලිත්වය, සමානාත්මතාවය, සංහිඳියාව ද අපට උරුම වූයේ මහින්දාගමනයෙ නි.

බුදු වදනේ සඳහන් “උට්‌ඨානවතෝ සතිමතෝ” ගුණයෙන් හෙවත් උත්සාහයත්, යහපත් සිහියත් ඇතිව සැබෑ බෞද්ධයන් ලෙස මේ මොහොතේ කටයුතු කළ යුතුය.ලෝකයම මහත් ව්‍යසනයක ගිලී සිටින අවස්‍ථාවක අපට මහත් දිරියෙන් සහ ශක්තියෙන් නැගී සිටින්නට උතුම් බුදු දහම මග කියා දී තිබේ.අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණ වගාව දියුණු කොටගෙන මේ ව්‍යසනය පරයා නැගී සිටීමේ ශක්තිය මුලුමහත් මිනිස් සමාජයටම ප්‍රාර්ථනා කරමි.

සජිත් ප්‍රේමදාස

හිටපු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/04/%e0%b6%85%e0%b6%a7-%e0%b6%bd%e0%b7%9d-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%99%e0%b6%b8%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *