ගුවන්තොටුපොලට විශේෂ පරීක්ෂණාගාරයක්

දේශපාලන සෞඛ්‍යය

විදේශ රටවල සිට පැමිණෙන ලාංකිකයන් PCR පරීක්ෂණයට භාජනය කර, එහි ප්‍රතිඵල ගුවන්තොටුපොල පරිශ්‍රයේ දීම ලබාගෙන ඔවුන් නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාල නිලධාරීන්ට උපදෙස් දෙයි.

ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙන ම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ඔහු පැවසී ය.

කොවිඩ් – 19 මර්දන කාර්යය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග 04 වැනි දා දහවල් කොළඹ ජනාධිපති
කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාල උපදෙස් ලබා දෙන ලදී.

විශේෂයෙන් මැද පෙරදිග සිට පැමිණෙන පිරිස් PCR පරීක්ෂණයට භාජන කිරීමේ දී සහ නිරෝධායනයට යොමු කිරීමේ දී මුහුණ පෑමට සිදුවන ගැටළු සහ ඒවා විසඳිය යුතු ආකාරය රැස්වීමේ දී දීර්ඝ වශයෙන් විමර්ශනය කළ අතර, PCR ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන්තොටුපොල පරිශ්‍රයේ ම පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට ද
තීරණය කෙරිණ.

වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන්තොටුපොල පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාල රටේදී ම PCR පරීක්ෂණයට යොමුකිරීමට හා එය රජයේ ඝෘජු මැදිහත්වීමෙන් හෝ අදාල රටේ දායකත්වයෙන් සිදුකිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණි.

මෙලෙස කල්තියා ආසාදිතයින් හඳුනාගැනීමෙන් රෝහල් වෙත යොමු කිරීමේ දී සහ නිරෝධායනයේ දී මතුවන ගැටළු රැසක් අවම කර ගැනීමට ද හැකිවෙතැයි ජනාධිපතිවරයා කී ය.

මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් එම අවස්ථාව ලබාදිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික)කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩ බලන පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ විශේෂඥ වෛද්‍යවරුන් සාකච්ඡාවට එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/04/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7%e0%b7%94%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *