බුන්දල, මෝදර වෙරළ තීරයේ තිබී නාඳුනන මෘත දේහයක් සොයා ගැනේ.
නාවුක හමුදාව ජුනි 05 වැනි දා එය සොයාගැනීමට සමත් විය.
දකුණු නාවුක විධානයට අනුයුක්ත නාවුක පිරිසක් හම්බන්තොට බුන්දල ප්රදේශයේ සිට මලළමෝදර ප්රදේශය දක්වා වෙරළ තීරයේ සිදු කළ මුර සංචාරයක් අතර වෙරළට ගොඩ ගසා තිබූ මෘත දේහය සොයාගෙන ඒ සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියට දැනුම් දී තිබේ.
එම මිය ගිය පුද්ගලයා කව්රුන්ද යන්න සොයාගැනීමට නොහැකි වී ඇති අතර, අදාල මෘත දේහය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හම්බන්තොට පොලීසිය මගින් සිදු කරනු ලබයි.