මිහින්තලාවට පොසොන් ආලෝකය ජනපතිගෙන්

ආගමික දේශපාලන

පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමී ව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාවේ දෙවැනි දින විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් සිදු කෙරේ.

සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස් ආයතනය) සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වයෙන් පොසොන් පුර පසළොස්වක පොහොය යෙදී ඇති ජුනි 05 වැනි දා 58 වැනි වරට පිංකම සංවිධාන කර තිබිණි.

ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක ස්වාමීන් වහන්සේ පෙරහරින් වැඩම කරවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේ ය.

එදිනට යෙදුනු “ජගත් පරිසර දිනය” නිමිත්තෙන් ජනාධිපතිවරයා මිහින්තලා රාජමහා විහාර මැද මළුවේ සල් පැලයක් රෝපණය කළේ ය.

ලොවම ගිල ගත් වසංගතයකින් මව්බිම බේරා ගැනීමට හැකිවූවා සේම ශ්‍රී ලාංකේය නිෂ්පාදන රැසක් ඉතා කෙටි කාලයක දී රටට දායාද කිරීමට ජනාධිපතිවරයාගේ නායකත්වයට හැකි වූ බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළහාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පිළිගැනීමේ අනුශාසනාව කරමින් සඳහන් කළ හ.

මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ විශේෂ අනුශාසනාවක් කරමින් ධීර,වීර, සූර, සාර ගුණ සමුදායකින් යුත් පාලකයෙකුට සියලු අභියෝග ජය ගනිමින් ජනතාවට සුවිශාල සේවාවක් ඉටු කළ හැකි බව පැවසූ හ.

රාජ්‍ය නායකයා ආගමට, දහමට අවනත ව ධර්මානුකූල ව කටයුතු කරන හෙයින් අතීතයේ තිබූ සශ්‍රිකත්වය වර්තමානයේ ද ළගා කරගත හැකි බව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ඇත්කඳ රාජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ කියා සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/05/%e0%b6%b8%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%b4%e0%b7%9c%e0%b7%83%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a-%e0%b6%86%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *