ලෙබනනයෙන් නොමිලේ පීසීආර් පරීක්ෂණ

දේශපාලන විදේශ සබඳතා

මව්බිම කරා එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ ගාස්තු අය කිරීමකින් තොර ව එරට දී ම සිදුකිරීමට ලෙබනන් රජය තීරණය කරයි.

යළි මව්බිමට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති හෙයින් ලෙබනනය ප්‍රදානය කළ සහනය මත විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.

කොවිඩ් 19 ව්‍යප්තිය ඉහළ මට්ටමක පවතින රටවල් ඇතුළු විදේශයන් හි සිට මව්බිමට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ අදාල රටවල දී ම සිදු කර වාර්තා ලබාගැනීමේ හැකියාව සොයා බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

එතෙර දී පරීක්ෂණ කරනුයේ යළි දිවයිනට පැමිණීමෙන් පසුව කෙරෙන පරීක්ෂණයට අමතරයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බේරුට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනන් විදේශ අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස නොමිලේ එරට දී PCR පරීක්ෂණ කිරීමට එකඟත්වය පළ ව තිබේ.

මැදපෙරදිග රටවල සිට සිය රට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී ඇත.

නිරෝධායන සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමේ දී මේ තත්ත්වය අතිරේක ගැටළුවක් බව කොවිඩ් මර්දන කාර්යය සාධක බලකාය සමග පසුගිය දා කළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

මැදපෙරදිග සෙසු රටවල සිට යළි සිය රට එන ශ්‍රී ලාංකිකයන්ට ඒ ඒ රටවල දී PCR පරීක්ෂණයෙන් පසු ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/06/%e0%b6%bd%e0%b7%99%e0%b6%b6%e0%b6%b1%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e0%b7%93%e0%b7%83%e0%b7%93%e0%b6%86%e0%b6%bb%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *