රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් මැතිවරණ කටයුතු සඳහා

දේශපාලන

රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් පිළිබඳ කැෆේ සංවිධානය පැමිණිලි කරයි.

පොදුජන එක්සත් පෙරමුණ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කරන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ව සිටි සමයේ භාවිත කළ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය මේ වනවිට පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ලෙස පවත්වාගෙන යන බව සංවිධානය පෙන්වා දේ.

රාජ්‍ය ලාංඡනය ද සහිතව මේ පිළිබඳෙ වන පුවරුවක් මේ වනවිට පොලොන්නරුව නගරයේ ඉදිකර ඇත.

මෙලෙස රාජ්‍ය ලාංඡනය යොදාගැනීම සහ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් බව පවසන කැෆේ සංවිධානය ඒ පිළිබඳ මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ .

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/13/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *