උසස්පෙල විභාග දිනය සලකා බැලේ.

අධ්‍යාපන

උසස් පෙළ විභාගය පැවැත්වීම කල්දැමීම සලකා බැලේ.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් මේ වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඇතැම් පාර්ශ්ව අධ්‍යාපන අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය වෙත ඉල්ලීම් යොමු කර ඇත.

රට තුළ පවත්නා තත්ත්වය මත මෙම ඉල්ලීම, විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා, මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට, දැනට නියම කර ඇති පරිදි සැප්තැම්බර් මස 07 වැනි දා උසස් පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතැයි එම ලේකම්වරයා කියයි.

2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දී ම ප්‍රකාශයට පත්කරනු ලබන බව හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/16/%e0%b6%8b%e0%b7%83%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%99%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%bd%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b6/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *