මැතිවරණයට සූදානම්!

උණුසුම්

2020 මහා මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම, සළකුණු කිරීම හා නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු දැනටමත් සංවිධාන කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියයි.

තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරීම ජුනි 8 වැනි දා සිදු කෙරෙන බවත්, තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සඳහා තැපෑලට භාරදීම ජුනි 30, ජූලි 01 සහ 02 යන තෙදින සිදු කෙරෙන බවත් ඔහු නිකුත් කළ නිවේදනයක දැක් වේ.

ඒ අනුව රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද සළකුණු කිරීම ජූලි 14 සහ 15 දෙදින සිදු කෙරෙන අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහ සෞඛ්‍ය අංශවල සේවකයින්ගේ තැපැල් ඡන්ද ජූලි 16 සහ 17 දිනවල දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිත ය.

එදින තැපැල් ඡන්ද සළකුණු කළ නොහැකි වන්නන් හට ජූලි 20 සහ 21 දිනවල සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ගොස් සිය ඡන්දය ප්‍රකාශ කළ හැකි වේ.

නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාර දීම ජූලි 11 , 12 සහ 13 දිනවල සිදු කිරීමට නියමිත බව සභාපතිවරයා කියයි.

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ජූලි 29 වැනිදායින් අවසන් වන අතර, ඒ වනතෙක් සිය ඡන්ද පත්‍රිකා නොලැබූ ඡන්දදායකයින්ට තමන් 2019 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචියට අදාල තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාව තහවුරු කර, ඡන්ද පත්‍රිකාව ලබාගත හැකි ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/16/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%96%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *