මනුෂ්‍යත්වය කියන්නේ හවුල් ඉරණමක්

විදෙස්

“එක් තීරයක් එක් මාවතක් ”ජාත්‍යන්තර සහයෝගිතා ඉහළ පෙළේ වීඩි‍‍යෝ සමුළුව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං
ලිඛිත කතාවක් පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශය, චීන වාණිජ අමාත්‍යාංශය, චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව සහ චීන ජාතික සෞඛ්‍ය කොමිසම ඒකාබද්ධ ව සංවිධාන කළ එම වීඩි‍යෝ සමුළුව ජුනි 18 වැනි දා බෙයිජිං හි දී සාර්ථක ව පැවැත්විණ.

රටවල් 25 ක ඇමතිවරු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලකයා ඊට එක් වූ හ.

සියලු රටවලට කොරෝනා වසංගතයෙන් ගැඹුරු අවබෝධ ලැබී ඇතැයි ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය ලිඛිත කතාවෙන් පෙන්වා දේ.

මෙවන් විශේෂ කාලයක සියලු රටවල් එකට බැඳී සිටී. මනුෂ්‍යත්වය යනු හවුල් ඉරණමකි. එබැවින් වසංගතයට මුහුණ දීමේ දී හෝ වේවා ආර්ථිකය පුනරුත්ථාපනය කිරීමේ දී හෝ වේවා සමගිය, සහයෝගිතාව හා බහුපාර්ශ්වවාදයේ එල්බ
සිටිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

අන්‍යොන්‍ය සම්බන්ධීකරණය හා විවෘතභාවය ශක්තිමත් කිරීම, ගෝලීය අර්බුද මුහුණ දීම සහ දිගුකාලීන සංවර්ධනය සඳහා යා යුතු මාර්ගයකි. ඒ සඳහා “එක් තීරයක් එක් මාවතක් ”ජාත්‍යන්තර සහයෝගිතාව මගින් වැදගත් කාර්යයභාරයක් ඉටු කළ හැකි බව චීන ජනාධිපතිවරයා කියා සිටී.

චීනය සිය හවුල්කරුවන් සමග එක් ව, “එක් තීරයක් එක් මාවතක් ”අභියෝගයන්ට මුහුණ දීම සඳහා සහයෝගීතාවයේ මාර්ගයක්, ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව රැකගන්නා මාර්ගයක්, ආර්ථික හා සමාජයීය ප්‍රකෘතිය ප්‍රවර්ධනය කරන පුනරුත්ථාපන මාර්ගයක් සහ සංවර්ධන විභව විවෘත කරන සංවර්ධන මාර්ගයක් බවට පත් කිරීමට කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

– රවිමල් හඳුවල

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/18/%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b7%84%e0%b7%80%e0%b7%94%e0%b6%bd/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *