සිවිල් ක්‍රියාකාරිකයාට මරණ තර්ජන

රටතොට

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂ – මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත් හට මරණ තර්ජන එල්ල වේ.

ඔහු එළඹෙන මහා මැතිවරණයේ ද අපේක්ෂකයෙකි.

ඝාතනයට පත් සිවිල් ක්‍රියාකාරී සුනිල් ජයවර්ධන වෙනුවෙන් හඬ නැගූ තමන්ට එරෙහි ඇතැම් දේශපාලකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන් මෙසේ මරණීය තර්ජන එල්ල කරන බව ඔහු පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දේ.

එබැවින් අදාල තර්ජන පිළිබඳ විමසා බලා ඊට අදාල නීතිමය කටයුතු කඩිනමින් ඉටු කරන්නැයි හෙතෙම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

අදාල ලිපිය –

2020-06-18
පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
කොළඹ.

ගරු පොලිස්පතිතුමනි,
මරණ තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් කෙරෙනා පැමිණිල්ලයි

2020 මැයි මස 22 රාත්‍රි 10 ට පමණ 0112414535 දරන දුරකථන අංකයෙන් මා හට මරණ තර්ජන එල්ල විය. ඊට අදාළ ඇමතුම ලැබුණේ මාගේ 0764734417 දරන දුරකථන අංකයටයි (ඇමුණුම් 1). ඒ සම්බන්ධයෙන් පසුදා මා විසින් ඔබ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් කිසිවක් මෙතෙක් සිදු වී නොමැත.

2020 ජූනි මස 12 වනදා නන්දන ලියනගේ නම් ත්‍රිරෝද රථ රියැදුරකු මා විසින් සිවිල් සංවිධාන එක්ව සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවට පැමිණ, මා හට තර්ජනාත්මකව බැන වැදිණි.

2020 ජූනි මස 13 වනදා මහින්ද කහදගම නම් පුද්ගලයෙකු විසින් මා හට තර්ජනාත්මක ප්‍රකාශයක් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වීඩියෝවක් හරහා නිකුත් කර ඇත. ඊට අදාළ ලින්කුව : https://www.youtube.com/watch?v=C_3GhUz-upk

2020 ජූනි මස 14 වනදා සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු සජීවීව විකාශනය වූ විඩියෝව මාගේ ෆේස්බුක් ගිනුම හරහා පතුරුවන ලද (share) අතර, එයට තුෂාර පෙරේරා (Thushara Perera) නම් පුද්ගලයෙකු මා හා චිරන්ත අමරසිංහ හට එම සමාජ මාධ්‍ය ඔස්සේ ජීවිතයට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත (ඇමුණුම් 2). එම ගිණුමෙන් මීට පෙර තැබූ කොමෙන්ටුවක ප්‍රකාශ කරන්නේ එම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන පුද්ගලයෙක් බවයි (ඇමුණුම් 4). එම ගිණුමේ ලින්කුව : https://www.facebook.com/amaya.piris.7

2020 ජූනි මස 14 අප සහෝදර සිවිල් ක්‍රියාකාරී සුනිල් ජයවර්ධන මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී නන්දන ලියනගේ ඇතුළු පිරිසක් පැමිණ කැස්බෑව සුසාන භූමිය අසල දී මා හට ජීවිත තර්ජන එල්ල කෙරෙනි.

2020 ජූනි මස 17 වනදා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් 0777766455 යන දුරකථන අංකයෙන් ප.ව. 3.42 ට පමණ මාගේ 0788714726 දරණ අංකයට කතා කර විනාඩි හයකට ආසන්න කාලයක් මා හට තර්ජනාත්මකව බැන වැදි මරණ තර්ජන එල්ල කෙරෙනි (ඇමුණුම් 3).

මා කොළඹ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂකයෙක් ද බැවින් (නව සිහල උරුමය), මාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට ද, මෙම තර්ජනය මාගේ දරුවන් හතර දෙනාට පිය සෙනෙහස අහිමි කිරීමට පෙර, මෙම තර්ජනවල සුලමුල සොයා ගැනීමට හා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස මා ඉල්ලා සිටිමි.

ස්තුතියි,
මෙයට විශ්වාසී,
අසේල සම්පත්,
අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක
මහජන අයිතීන් සුරැකීමේ පදනම
කොළඹ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂක
ලිපිනය – 254/2, පැලන්වත්ත, පන්නිපිටිය
Mobile: 0788714726

පිටපත් –
1. සභාපති – මැතිවරණ කොමිෂන් සභාව – රාජගිරිය
2. සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/18/%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7-%e0%b6%b8/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *