ජංගම දන්ත ශල්‍යාගාරයක්

හමුදා තොරතුරු

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ප්‍රථම ජංගම දන්ත ශල්‍යාගාරය සේවයට එක් කෙරේ.

රාජකාරියේ නිරත නාවුකයින්ගේ සහ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ මුඛ ‍‍සෞඛ්‍යය ඉහළ නැංවීම අරමුණයි.

ජංගම දන්ත ශල්‍යාගාරය 2020 ජුනි 25 වැනි දා එසේ සේවයට එක් විය .

ශ්‍රි ලංකා නාවුක හමුදා දන්ත වෛද්‍ය ඒකකයේ සංකල්පයක් වූ ව්‍යාපෘතිය නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සෘඡු මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වු අතර වෛද්‍ය කොමදෝරු (දන්ත) නන්දනී වි‍‍‍ජේදෝරු සහ වෛද්‍ය කපිතාන් (දන්ත) හේමන්ත කරන්දෙනිය යන නිලධාරින් නාවුක හමුදා මෝටර් රථ ඉංජීනේරු සහ විදුලි ඉංජීනේරු අංශයවල සහායෙන් ව්‍යාපෘතිය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ හ.

වර්තමාන සමාජයේ පුද්ගලයින් අතර මුඛ සෞඛ්‍යය සම්බන්ධයෙන් ගැටළු ඉහළ යාමේ වැඩි ප්‍රවණතාවක් නිරික්ෂණය වන පසුබිමක දන්ත වෛද්‍ය පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශවල රාජකාරියේ නියතු නාවුක හමුදා පුද්ගලයින්ගේ හා එවැනි ප්‍රදේශයන්හි ජීවත් වන සාමාන්‍ය ජනතාව සදහා දන්ත වෛද්‍ය සේවා සැපයීම අරමුණු කරගෙන මෙම ජංගම දන්ත ශල්‍යාගාරය නාවුක හමුදාව මගින් නිර්මාණය කර සේවය සදහා මෙලෙස එක් කරණ ලදි.

ඉහළ තාක්ෂණික වෛද්‍ය උපාංග යොදා ගනිමින් මෙලෙස ජංගම දන්ත ශල්‍යාගාරයක් ලෙස පරිවර්තනය කර ඇත්තේ දැඩි පරිශ්‍රමයක් යොදා නැවත පිලිසකර කරන ලද භාවිතයෙන් ඉවත් කර තිබු බස් රථයක් වීම විශේෂ කරුණකි. වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුලු කාර්ය මණ්ඩලයක් හා නවීන වෛද්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේදි මෙම රථය මගින් දිවයින පුරා දුෂ්කර ප්‍රදේශයන්හි රාජකාරි වල නියුතු නාවුක පුද්ගලයින්ගේ හා එම ප්‍රදේශයන්හි ජිවත් වන සාමාන්‍ය ජනතාවගේ මුඛ ‍‍සෞඛ්‍යය ගැටළු සදහා ප්‍රතිකාර ලබා දිමට නාවුක හමුදාව මෙමගින් අපේක්ෂා කරන අතර රට තුල ඇති වන ඕනෑම හදිසි අවස්ථාවකදි ජංගම ප්‍රතිකාර රථයක් ලෙස මෙය යෙද වීමටද නාවික හමුදාව සුදානමින් සිටි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/25/%e0%b6%a2%e0%b6%82%e0%b6%9c%e0%b6%b8-%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b7%81%e0%b6%bd%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *