MCC සමාලෝචන අවසන් වාර්තාව ජනපතිට

විදේශ සබඳතා

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර කෙරේ.

අනතුරුව එය ජනතා අවධානයට යොමු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය.

ජුනි 25 වැනි දා කොළඹ ජනාධිපති මන්දිරයේ දී වාර්තාව ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06 ක කාලයක් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුව කමිටු වාර්තාව සම්පාදනය කෙරිණ.

ඉකුත් රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව එය භාරදෙමින් කමිටු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පැවසී ය.

ඒ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6 ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාල ගිණුම් විස්තරයක්කි සිදු තැනක දක්නට නැතැයි ඔහු පෙන්වා දේ.

විශ්ලේෂණ භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු ක්ෂේත්‍රීය ආවරණයක් කර නැති බව ද සභාපතිවරයා පවසයි. නීත්‍යනුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයා පැහැදිලි කර ඇත.

ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බව ද ඔහු සඳහන් කළේ ය.

නියෝජිතයන් දෙදෙනෙකුට, ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට පිළිවන. එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමකි.

නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ හ. එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ඔව්හු සඳහන් කරති.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/25/mcc-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%9d%e0%b6%a0%e0%b6%b1-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%a2%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *