දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා අවසර

සෞඛ්‍යය

දිවයිනේ සියලු දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 වැනි දා සිට විවෘත කිරිමට අවසර හිමි වේ.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ පෞද්ගලික හා රාජ්‍ය සේවා ස්ථානවල සේවයට යන දෙමාපියන් තම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා තැබීම ප්‍රධාන අවශ්‍යතාවක් වී ඇති බවයි.

කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් ඉකුත් කාලය තුළ සෞඛ්‍ය අංශ විසින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරිමට අවසර ලබා දුන්නේ නැත.

එහෙත් දෙමාපියන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතාව සලකා බලමින් සහ මාස දෙකක් තුළ සමාජයෙන් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බැවින් ජුලි මස 02 වැනි දින සිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/30/%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%8f-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *