“ද නිවුස් පේපර් ” අපේක්ෂකත්ව ප්‍රවර්ධනයක

රටතොට

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ සම නිෂ්පාදනයක් වූ “ද නිවුස් පේපර් ” චිත්‍රපටය මඟින් අපේක්ෂකතව ප්‍රවර්ධනයක් සිදුවන බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් පවසන්නේ ජුලි 02 වැනි දා දිවයිනේ සියලු සිනමාශාලාවල එය නොමිලේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමඟින් සහ චිත්‍රපටය ප්‍රවර්ධන කටයුතුවල දී ප්‍රචාරාත්මක වාසි අත්කරගැනීමේ සංවිධානාත්මක අරමුණක් වෙතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දේ.

චිත්‍රපටය කොවිඩ් මර්ධනයට සහාය වන සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට ද තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් නොමිලේ නැරඹීය හැකි බව ජනාධිපති කාර්යාල නිල වෙබ් අඩවිය පවසයි.

මෙලෙස මෙම චිත්‍රපටය මහජනතාවට නොමිලේ ප්‍රදර්ශනය සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩල , හමුදාව සහ පොලිසිය වැනි රාජ්‍ය නිලධාරින් ඒ් සඳහා කැඳවාගැනීම බරපතල මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් වන බව විධායක අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ ය.

එමෙන්ම මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල දී මහමැතිවරණ අපේක්ෂකයෙකුගේ නම යොදාගැනීම මඟින් ද මැතිවරණ නීතියේ සදාචාරාත්මක බවට හානියක් සිදුවන වන බව ඔහු පවසයි.

එබැවින් මෙම චිත්‍රපටය මුවාවෙන් සිදුකිරීමට යන අපේක්ෂකත්ව ප්‍රවර්ධන කටයතු පිළිබඳ සොයා බලා සුදුසු තීරණයක් ගන්නා මෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/07/01/%e0%b6%af-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9a%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *