වෙඩි වැදීමෙන් අයෙකු මරුට

රටතොට

පොලිස් මාර්ග බාධකයක දී ත්‍රිරෝද රිය 02 ක් පරීක්ෂා කිරීමේ දී එක් පුද්ගලයෙකු මිය ගිය බව පොලීසිය කියයි.

ජූලි 10 වැනි දා රාත්‍රියේ මොරටුව, ලුනාව ප්‍රදේශයේ දී අඟුලාන පොලීසියේ නිලධාරීන් විසින් අදාල පරීක්ෂාව සිදු කර ඇත.

එහි දී ත්‍රිරෝද රියවල පැමිණි පුද්ගලයින් ගල්වලින් නිලධාරීන්ට පහර දීමට වෙර දරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා පැමිණවීමට උත්සාහ දරා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

එම තත්ත්වය පාලනය කිරීමට එක් පොලිස් නිලධාරියෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඇති අතර එහි දී වෙඩි වැදුනු අයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

ඔහු 39 හැවිරිදි මොරටුව, ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/07/11/%e0%b7%80%e0%b7%99%e0%b6%a9%e0%b7%92-%e0%b7%80%e0%b7%90%e0%b6%af%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b6%b8%e0%b6%bb%e0%b7%94%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *